Sunday, December 18, 2011
පුතුගෙන් මවට............
ලක් මව රැකගන්න ගියත්
නුඹමයි පෙම්බර අම්මා
පෙර සේ නුඹ තුරුලෙ වෙලුනු
පොඩි පුතුමයි තවමත් මා
සටන් බිමේ මියැදුනාට
නුඹ කදුලක් හෙලන්නෙපා......
Saturday, December 3, 2011
හිනැහෙමි මම
එළිය වන්නට නුඹ ලොව
දනිමි අවසානයට
වියැකෙන බව
මා වතින් සිනහව
එහෙත් කම්නැත
දුටිමි ආලෝකමත් වූ
නුඹ වත...............
Monday, November 14, 2011
සඳු ...................
හන්තාන අඩවියට
පෑයු සඳ බලන්නට
ආයෙමත් මම ආවා
සේපාලි ගහ යටට
මාසයක් පුරාවට
සඳු නැතිව දුකින් සිටි
රන් පාට පොඩි තරුව
ලන්වෙලා සඳු ලඟට
නුඹ නොදුටු කොඳ කැකුලු
පීදෙනවා හැම රෑක
බලා සැඟවී යන්න
නුඹලාගෙ හිනාවත
පෑයු සඳ බලන්නට
ආයෙමත් මම ආවා
සේපාලි ගහ යටට
මාසයක් පුරාවට
සඳු නැතිව දුකින් සිටි
රන් පාට පොඩි තරුව
ලන්වෙලා සඳු ලඟට
නුඹ නොදුටු කොඳ කැකුලු
පීදෙනවා හැම රෑක
බලා සැඟවී යන්න
නුඹලාගෙ හිනාවත
Sunday, September 18, 2011
සෙවණක්
නො එන මග යන විට
එක්වුනි මා සමග
හැරදමා යන විට
සියලු මිතුරන්
මිහිදන් විය මා සමග
එක් කරනට උරාගත් සාරය
යලි පොළොවටම
සැමදාම සැදු ලෙසට
සාදමින් මා හිසට
සෙවණක්
Friday, June 24, 2011
උගත්තෙමි................
උගත්තෙමි හිනැහෙන්න
අතැර සැම කම්කටොලු
උගත්තෙමි නොහෙලන්න
නෙතට ඉනු කඳුළු බිඳු
උගත්තෙමි හැර යන්න
කටු පඳුරු මඟ ඇසිරු
උගත්තෙමි ජයගන්න
ජීවිතය මා මිතුරු
Saturday, June 18, 2011
යලිත් හිරු පායාවි
යලිත් හිරු පායාවි
නැවුම් මල් පීදේවි
නටබුන් වු මතකයන්
සිත් තුලම මියැදේවි
රිදුනු සිත සනසවා
කඳුලු බිඳු පිසදමා
මුවග රැඳි සිනාමල්
යලිත් විකසිත වේවි
ගිනිවැදුනු ගිම්හානෙ
ඉතින් නිමවී යාවි
හැරදමා ඉගිල ගිය
වසන්තය යලි ඒවි
Thursday, June 16, 2011
වැස්ස.....................
උසුල මහ දුක්
නොහැකි වුනුතැන
හෙලති කඳුලැලි
පොළව තෙමනට....................
නැවත හිනැහෙති
හැඩ බලන්නට
අලුත දලුලන
පැතුම් අහුරක..........................
Wednesday, June 8, 2011
අහිමි............................
සිතුවෙමි.......
නුඹ ගැනම
බලාහිඳිමි.......
අහිමිව යන හැටි
සමුදුනිමි නුඹට.......
මුව අරා සිනහව
සඟවමි කඳුල.........
දකිනට නුඹ සිනහව
Saturday, June 4, 2011
Monday, May 30, 2011
බලාපොරොත්තුව
ඉටුවූ විට සතුට
නොමැති වූ විට දුක
ගෙනදේවි නිමේෂයක
"බලාපොරොත්තුව"
සැලි සැලි දිදුලන
පහන් සිල වැනිමය
යලි යලිත් දළුලන
"බලාපොරොත්තුව"
Friday, May 27, 2011
උකස් කල ජීවිතය
සින්න වෙන්නට ලඟයි
කොහොමද බේරෙන්නෙ
අතැර මගහැර යන්න හැදුවා
ඒත් "ණයකාරයා"
ගෙනෙන්නෙම මෙතැනට
අන්තිමේ මම හිතුවා
ඒ ණයෙන් බේරෙන්න
සින්නකර හරින්නට
මේ තරුණ ජීවිතය
Monday, May 23, 2011
.......................................
තෙලි තුඩින් රුව මවා
නුඹෙ සිතින් පන පෙවූ
ඒ සොඳුරු සිතුවමම
මා ලියූ කවිය විය
නුඹෙ සිතින් පන පෙවූ
ඒ සොඳුරු සිතුවමම
මා ලියූ කවිය විය
නොහැක මට හැර යන්න
නිල් අහස යට දිවිය
හැර යන්න ලංව ඇත
නොහැක මට හැර යන්න
තව වරක් දලු ලන්න
දිය පොදක් අද දෙන්න
හැර යන්න ලංව ඇත
නොහැක මට හැර යන්න
තව වරක් දලු ලන්න
දිය පොදක් අද දෙන්න
Subscribe to:
Posts (Atom)











