ඉටුවූ විට සතුට
නොමැති වූ විට දුක
ගෙනදේවි නිමේෂයක
"බලාපොරොත්තුව"
සැලි සැලි දිදුලන
පහන් සිල වැනිමය
යලි යලිත් දළුලන
"බලාපොරොත්තුව"
සිත සසල විය මොහොතකට
කියනු කෙලෙසද නුඹහට
සඟවා ගතිමි සදහට
ඉඩ දුනිමි ගලනට කඳුලට
උකස් කල ජීවිතය
සින්න වෙන්නට ලඟයි
කොහොමද බේරෙන්නෙ
අතැර මගහැර යන්න හැදුවා
ඒත් "ණයකාරයා"
ගෙනෙන්නෙම මෙතැනට
අන්තිමේ මම හිතුවා
ඒ ණයෙන් බේරෙන්න
සින්නකර හරින්නට
මේ තරුණ ජීවිතය
තෙලි තුඩින් රුව මවා
නුඹෙ සිතින් පන පෙවූ
ඒ සොඳුරු සිතුවමම
මා ලියූ කවිය විය
නිල් අහස යට දිවිය
හැර යන්න ලංව ඇත
නොහැක මට හැර යන්න
තව වරක් දලු ලන්න
දිය පොදක් අද දෙන්න